අසාද් සාලිගෙන් සජිත් ප්‍රේමදාසට එන්තර වාසියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 27, 2020

අසාද් සාලිගෙන් සජිත් ප්‍රේමදාසට එන්තර වාසියක් !

පොරොන්දු කඩ කිරීමේ චෝදනාව මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදා මහතාට එරෙහිව එන්තර වාසියක් යොමු කිරීමට ජාතික සමඟි පෙරමුණ තීරණය කර තිබේ. 

ඊයේ (27) නාවල පිහිටි එම පක්ෂයේ කාර්යාලයේ පැවති විධායක කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම ස්ථානයේදීම මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පැවසුවේ තමන්ව පාර්ලිමේන්තු ගෙනියන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවද එම පොරොන්දුව කඩ කර ඇති බවයි. 

''සමඟි ජන බලවේගයෙන් තරඟ  කරන්නවත්, ජාතික ලයිස්තුවෙන් යන්නවත්  අපි බලාපොරොත්තුව හිටියේ නැහැ. ඒත් මම  සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ පුතා අනිවාර්යයෙන්ම  ඔයාව පාර්ලිමේන්තුවට ගෙනියන එක මගේ වගකීමක් කියන එක තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා මට දුන්න පොරොන්දුව. ඒ පොරොන්දුව කඩ කළාට තමයි අපි එන්තරවාසියක් යවන්න තීරණය කළේ. "

නොසිතූ ආකාරයට මේ රටේ සිටින දෙමළ මුස්ලිම ජනතාව ඔවුන්ට ජන්දය ලබා දී තිබුණද ජාතික ලැයිස්තුවෙන් කිසිදු මුස්ලිම් නියෝජිතයෙකුට අවස්ථාව ලබා දී නැති බවයි අසාද් සාලි මහතා පැවසුවේ.  


No comments:

Post a Comment

Post Bottom Ad