පළාත් සභා සුදු අලියෙකු බව පවසමින් පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් නිශේධනාත්මක ලෙස රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශ පිළිකුලින් යුතුව හෙළාදකින බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කරගෙන තිබ්.
"අපි දැක්කා පහුගිය දවස්වල ( තමුන්නාන්සෙලාට හංගන්න දෙයක් නෙවෙයි ) සරත් වීරසේකර රාජ්‍ය ඇමතිතුමා යම් යම් මත ප්‍රකාශ කරනවා පළාත් සභා මේ ක්‍රමවේදය පිළිබඳව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයවත්, අග්‍රාමාත්‍යතුමාවත්, ගරු ජනාධිපතිතුමාවත් රජයක් හැටියට එහෙම කිසිම ප්‍රකාශයක් කරලා නෑ.
සරත් වීරසේකර මහතාගේ ඒ ප්‍රකාශය, ඒ දරණ මතවාදය පිළිබඳව අපේ පිළිකුල පළ කරන්නත් අපි අද යෝජනාවක් සම්මත කරගත්තා. පළාත් සභාව සුදු අලියෙක් කියනවා අපට ඇහිලා තියෙනවා. කොරෝනා මේ රටේ තදින්ම තියෙන වෙලාවෙදි කැබිනට් මණ්ඩලයයි, අතිගරු ජනාධිපතිතුමායි, අගමැතිතුමායි විතරයි රට පාලනය කළේ. ඉතිං එහෙම නම් ඒ අයටත් තිබුණා පාර්ලිමේන්තු මැතිවරණයට කලින් කියන්න පාර්ලිමේන්තුවත් ඕනෙ නෑ කියලා.
අපේ ආණ්ඩුවේ ශක්තිමත්භාවය බිඳින්න ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නෙ මේක මිත්‍රවරුනි. ඔය එක්කෙනෙක් දෙන්නෙක් එකතුවෙලා කුමන්ත්‍රණ කරන්න හදනවා නම් ඒකට ඉඩක් නෑ කියන එක කියන්න ඕනෙ" යනුවෙනුයි එම සංසදයේ සභාපති, සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා සඳහන් කළේ.
කාංචන ජයරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයේ ප්‍රබලයකු වන සරත් වීරසේකර මහතා පළාත් සභා ක්‍රමයට එරෙහිව තදින් අදහස් දැක්වූ දැඩි මතධාරියෙකු වූ අතර අවසානයේ ඔහුට ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණේ ද පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. එම අමාත්‍ය ධුරයෙහි වැඩ බාරගනිමින් ද ඒ මහතා පැවසුවේ තමන් වැනි පුද්ගලයෙකුට මෙම අමාත්‍යාංශය ලබාදීම යනු දෛවෝපගත සිදුවීමක් බවයි.
No comments:
Post a Comment