සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති ධුරය කරුට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති ධුරය කරුට

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති තනතුර සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා තෝරාගෙන තිබෙනවා. පසුගියදා පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී සභාපති තනතුර සඳහා ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති අතර එය ඒකමතිකව සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමිගේ මූලිකත්වයෙන් 2012 වසරේදී මෙම සවිධානය ආරම්භ කළ අතර උන්වහන්සේ ආරම්භයේ සිටම සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරය කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකළ අතර 19 වැනි ස‍ංශෝධනයට අඩංගු වූ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු රැසක් පළමුව රට ඉදිරියේ තැබූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි.

කරු ජයසූරිය මහතා මෙම සංවිධානය ආරම්භයේ සිටම එම සංවිධානය සමග සමීපව ගනුදෙනු කළ පුද්ගලයෙකි.

සෝභිත නාහිමිගේ අපවත්වීමෙන් පසුව මේ දක්වා සභාපතිවරයා ලෙස මහාචාර්ය සරත් විජේසූරිය මහතා කටයුතු කළේය. 


No comments:

Post a Comment

Post Bottom Ad