පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 24, 2020

පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කලින්ම බුද්ධි තොරතුරු ලැබුණු බවත්, තමන් එම බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කර ඇත.

එපමණක් නොව තමන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ඒ බව දුරකතනයෙන් දැනුම් දීමට පියවර ගත් බවද කියා සිටි ජයසුන්දර මහතා, නමුත් එම ඇමතුම් සියල්ල මේ වනවිට කවුරුන් හෝ මකා දමා ඇති බවද කීවේය.

ඒ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන කුමාරසිංහ සිරිසේන මහතා බවත්, මෙම දුරකතන සංවාද මැකීම පිළිබදව වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඒ මහතා කොමිසම හමුවේ සදහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad