විරෝධතා නොතැකේ.. ඉන්දීය මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ අනුමත කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

විරෝධතා නොතැකේ.. ඉන්දීය මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ අනුමත කෙරේ !

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය මත නව රාජතාන්ත‍්‍රිකයන් 8 දෙනෙකු පත් කර ඇත.

මෙම පිරිස පත් කිරීම සඳහා එම සභාවේ අනුමැතිය දී ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස සී.ඒ. චන්ද‍්‍රපේ‍්‍රම මහතා, ඉන්දියාවේ මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතා, ඇමරිකාවේ තානාපති ලෙස රවිනාථ ආර්යසිංහ මහතා, ප‍්‍රංශයේ පන්සිය තානාපති ලෙස ක්‍ෂණිකා හිඹුරේගම මහත්මිය, චීනයේ තානාපති ලෙස පාලිත කොහොන මහතා, දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස එස්. සමරසේකර මහතා, ජපානයේ තානාපති ලෙස සජීව ගුණසේකර මහතා, ඇෆ්ගනිස්ථානය තානාපති ලෙස හරිස්චන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට එසේ අනුමැතිය ලැබී තිබේ.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සංවිධාන ගණනාවක් විසින් ප්‍රසිද්ධියේ විරෝධය පල කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad