20ට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්,පෙත්සම් සලකා බැලීම 29 වැනිදා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

20ට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්,පෙත්සම් සලකා බැලීම 29 වැනිදා.

 


විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර ඇත.

 අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එකී පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට නියමිතය.

 පසුගිය 23 වැනිදා වනවිට එකී ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 12 ක් ගොනුකර තිබූ අතර ඊයේ (25 දා* තවත් පෙත්සම් හයක් ගොනුකර තිබුණි.

 ලංකා ගුරු සංගමය, ලංකා වෙළෙඳ හා කර්මාන්ත පොදු සේවක සංගමය, තරුණ නීතිඥ සංගමය, ජී. සී. ආර්. පෙරේරා, ටී. ඞී. බී. විජේගුණවර්ධන හා ආචාර්ය අජන්ත පෙරේරා ඇතුළු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කළ අපේක්‍ෂකයන් සිවුදෙනකු ඊයේ (25 දා* පෙත්සම් හයක් ගොනුකර තිබිණි.)

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad