ඇප ලැබුණත් එළියට එන්න පොඩි ලැසී බෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

ඇප ලැබුණත් එළියට එන්න පොඩි ලැසී බෑ කියයි

පතාල නායකයෙකු ලෙස සැලකෙන් පොඩි ලැසීට ඔහුට එරෙහිව ඇති එකම නඩුවට ඇප නියම වී සිටියද ඔහු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි

ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩී ලැසී අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

" හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැ නේ " යැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ, මේක මොවුන්ගේ ක්‍රමය බවය. 

එහිදී ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ප්‍රකාශ කළේ "ඇප තියන්න බැරි හේතුව කියන්න ඕනේ. බන්ධනාගාරය කියන්නෙ හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි නේ" ලෙසය.

ඊට දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය නිසා බූස්ස බන්ධනාගාරයට විශාල මුදලක් වැය කරන්නට ද සිදුව ඇති බවය. 


No comments:

Post a Comment

Post Bottom Ad