පාස්කු ප්‍රහාරය එල්ල වීම වළක්වන්න ජනාධිපති මෛත්‍රී කටයුතු කළේ නෑ – හිටපු රාජ්‍ය ආරක්ෂක ⁣ඇමති රුවන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

පාස්කු ප්‍රහාරය එල්ල වීම වළක්වන්න ජනාධිපති මෛත්‍රී කටයුතු කළේ නෑ – හිටපු රාජ්‍ය ආරක්ෂක ⁣ඇමති රුවන්

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පැහැර හැරි බවට එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන චෝදනා කරයි. ඒ, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම කොමිසම හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ඒ, පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

එහිදි හිටපු පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපතිවරයා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ පොලීසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබූ බවයි.

එහෙත්, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඞීම සහ වනාතවිල්ලූව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව හිටපු පොලිස්පතිවරයා පාස්කු කොමිසම හමුවේ පැවසුවේය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා ඇත්තේ ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපා තිබුණා නොවේද යන්නයි. එහිදී තමන් එම නියෝගවලට පිටු පෑ බවත්, ඇතිවී තිබූ තත්ත්වය මත තමන් අසරණ වී සිටි බවත්, හිටපු පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර තිබේ.

කිසිඳු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමග හෝ සාකච්ඡා කිරීමට පවා නොහැකි තරමට තමන් අසරණ වී සිටි බවයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු කොමිසම හමුවේ වැඩිදුරටත් පවසා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad