වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ,පාර්ලිමේන්තුව උණුසුම්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වේ,පාර්ලිමේන්තුව උණුසුම්.

 

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය.

වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.

ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි.

තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා පසුව කණගාටුව පල කර ඇත.

Video Link

-Lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad