මරා දැමූ පාතාල නායකයාගේ අවසන් කටයුතුවලට අනතුරු හැඟවේ – පැමිණෙන සියල්ලන් මරණ බවට පාතලයෙන්ම ෆේස්බුක් සටහන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 24, 2020

මරා දැමූ පාතාල නායකයාගේ අවසන් කටයුතුවලට අනතුරු හැඟවේ – පැමිණෙන සියල්ලන් මරණ බවට පාතලයෙන්ම ෆේස්බුක් සටහන් !

ටින් පැන යාමට සුදානමින් සිටියදී ඝාතනයට ලක්වූ ගොනා කෝවිලේ රොහාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා කුඩු අංජු ඉතාලියේ සිට සිය සතුට පළ කරනවා.

මිය ගිය රොහාගේ අවසන් කටයුතුවලට සහභාගී වන සියල්ලන්ව මරා දමන බවයි අංජු සිය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර ඇත්තේ.

රොහාගේ මළ සිරුර රැගෙන නොඑන ලෙස මෙන්ම රෝහලේදී අවසන් කටයුතු කළ යුතු බවද එම පාතාල නායකයා සඳහන් කර තිබෙනවා.

රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර සඳහන් කර තිබුණා.
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් පෙරේදා (23) රාත්‍රියේ දී ඝාතනයට ලක්වුණා. 


No comments:

Post a Comment

Post Bottom Ad