එජාප නායකත්ව සටනේ අඩුව සපිරෙයි - නායකත්ව සටනට මංගලත් සූදානමින් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 10, 2020

එජාප නායකත්ව සටනේ අඩුව සපිරෙයි - නායකත්ව සටනට මංගලත් සූදානමින් - (video)

මන්ගෙන් ඉල්ලීමක් කළහොත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වුවද සලකා බැලිය හැකි බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

තමන් දිගටම සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බවත් එය නොවෙනස්ව පවතින අතර සමඟි ජන බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේද තවදුරටත් තමන් එජාප පාක්ෂිකයෙක් වන හෙයින් යැයි සමරවීර මහතා සඳහන් කරන ලදී. 

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් මොහොතකටවත් ඉවත් නොවූ බවයි ඔහු පැවසුවේ. 

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා පැවසුවේ ඔහු ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බවයි. 

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ලංකාවට නොලැබුන හොඳම නායකයා බවද මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.  


No comments:

Post a Comment

Post Bottom Ad