ශ්‍රීලනිපයේ බහුතරයක් 20ට විරුද්ධයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

ශ්‍රීලනිපයේ බහුතරයක් 20ට විරුද්ධයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස - (video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. පොහොට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්යෂ ගිවිසුමකට යාම තම පක්ෂය කරගත් බරපතල වරදක් බවත්, පොහොට්ටුවේ ආණ්ඩුව අද පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමේදී තම පක්ෂයේ බොහෝ දෙනෙක් සහය නොදී සිටින බවත් සමහර අය සහය ලබා දෙන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ සමහර අය 20ට විරුද්ධ වන බවත්ය.

තම පක්ෂය ඉල්ලුවේ 20 නොවන බවත් තම පක්ෂය ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad