20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මන්ත‍්‍රීවරුන් දැන ගැනීමටත් පෙර මාධ්‍යයට ගියේ කොහොමද? – සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මන්ත‍්‍රීවරුන් දැන ගැනීමටත් පෙර මාධ්‍යයට ගියේ කොහොමද? – සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ලබන 20 දා ප‍්‍රකාශයට පත් කළ යුතු වුවද, එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමට කළ දෙයක් යැයිද, ඒ පිළිබඳව පුදුම වන බවද සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී දිනපතා පවත්වන මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරු ඊයේ (12දා) මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව කියා සිටියහ.

එහිදී අදහස් දැක්වූ ජේ. සී. අලවතුවල මහතා ‘‘ ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගේනවා. ඒ සම්බන්ධව අධිකරණය සිය තීන්දුව කථානායකවරයාට දැන්විය යුතුයි. අපි දන්න සම්ප‍්‍රදාය ඒකයි. ඒත් අද මාධ්‍යයේ ඒ පිළිබඳව වාර්තා පළ වෙනවා. කථානායකතුමා මේ වෙන තෙක් අධිකරණ තීන්දුව ගැන කිසිම ප‍්‍රකාශයක් කරලාත් නෑ. නමුත් මාධ්‍යවල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පළ කර තිබෙනවා. අද පුවත්පත්වල ඒ ගැන සඳහන් වෙනවා. ප‍්‍රධාන මාධ්‍යයට එන්න කලින් සමාජ මාධ්‍යවලත් ඒ තීන්දුව තිබුණා. අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුව තුළ ප‍්‍රකාශ වෙන්න ඕනෑ කාරණාවක් මේ විදිහට කලින් ප‍්‍රසිද්ධ වීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමක් ලෙසයි.’’ 


No comments:

Post a Comment

Post Bottom Ad