20ට සහාය දී දුර රටකට යන්න මනෝ ගනේෂන් සූදානම්.. එක කොන්දේසියක් දමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

20ට සහාය දී දුර රටකට යන්න මනෝ ගනේෂන් සූදානම්.. එක කොන්දේසියක් දමයි !

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් පමණක් යැයි ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කරනු පිරිස්ද අද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනය සම්මත කර ගැනීම වෙනුවෙන් දෙමළ මුස්ලීම් මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දය සොයමින් සිටිනවා යැයි දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා උත්සහායන් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි පමණක් කියමින් සිටින අයද මේ අවස්ථාවේ දෙමළ මුස්ලීම් මන්තී‍්‍රවරුන්ගේ ඡුන්ද සොයමින් සිටියි. එසේ සිදු කරනු ලැබුවහොත් මේ රට සිංහල දෙමළ මුස්ලීම් සියලූ ජාතීන් එකාබද්ධ ශී‍්‍ර ලාංකික රාජ්‍යයක් බවට පරිවර්තනය වනු ඇතිද?

සැබැවින්ම එයාකාර ප‍්‍රතිපත්ති වෙනස්කමක් සිදුවන්නේ නම් එයට බොහෝ කැමැති වෙමි. නමුත් එයට ඇති සහතිකය කුමක්ද? මේ රට අප සැමදෙනාටම අයිති මාතෘ භුමීයක් යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න. එසේ සිදු වන්නේ නම් මා හට තවදුරටත් මේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුවට සහාය පළ කර 23 වනදාම දේශපාලනයෙන් සමු ගෙන කොහේ හෝ දුර රටකට යමි.

එසේ නොමැති නම් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ කරන්න. සියලූ ජාතීන් හා ආගම් වලට අයත් කණ්ඩායම් එම සාකච්ඡුා සදහා එක් කර ගන්න.

මෙරට ජාතික ගැටලූවට තිරසාර විසදුමක් ලබාදිය හැක්කේ බහුතරයේ සහාය හිමිවුණු ආණ්ඩුවකට පමණි. අපි වැනීසියේ වෙළදුන් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ නැත.

මේ බව මා කේවල් කිරීමට පැමිණි ආණ්ඩුවේ පාර්ශවයන් වෙත ප‍්‍රකාශ කර සිටියෙමි.

මොවුන් ආණ්ඩුවේ සහයෝගයට පිරිස් සොයනවා හැර ප‍්‍රතිපත්තිමය වෙනසක් සිදු කරන්නේ නැත . සිහින හා යථාර්ථයන් අතර විශාල වෙනසක් තිබේ.

මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන සුලූ ජනකොටස් නියෝජනය කරන මහජන නියෝජීතයින් ගතහොත් ඔවුන්ට ඇත්ත වැටහී ඇත. ආණ්ඩුව ඔවුන්ව තබාගෙන සිටින්නේ රූකඩ ලෙසය. මොවුන් අර්ධ දෙමළ මාධ්‍ය දක්වන අදහස් ස්වරූපය ආණ්ඩුව තුළ පෙන්වන්නේ නැත .

– මාධ්‍ය ඒකකය


No comments:

Post a Comment

Post Bottom Ad