30වැනිදායින් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

30වැනිදායින් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්






සැප්තැම්බර් මස 30වැනිදායින් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර සඳහා නව බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් චන්දන මහතා පැවසුවේ, කඩිනමින් අදාළ සහන කාලය ප්‍රකාශයට පත් කරන බවයි.


සැප්තැම්බර් 30 ට පෙර කල් පිරුණු රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට මාස තුනක සහන කාලයක් ක්‍රියාවට නංවා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.


මේ අතර, රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහාවන ප්‍රායෝගික පරීක්ෂණ පවතින තත්ත්වයන් අනුව, සිදු කිරීමට තීරණය කර තිබේ.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් චන්දන මහතා පැවසුවේ, කොරෝනා වසංගතයත් සමග ඇතැම් දිස්ත්‍රික්කවල එම කටයුතු නිසි පරිදි සිදුකිරිමට බාධා එල්ල වෙමින් ඇති බවයි.


ඒ හේතුවෙන්, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ බලය දිස්ත්‍රික් කොමසාරිස්වරුන් වෙත පවරා ඇතැයි ඔහු සඳහන් කළේය.


කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කර, අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නැයි දැනුම් දී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad