තවත් මහජන මුදල් නාස්තියක්... භාවිතයට නොගැනීමෙන් පී.සී.ආර් කට්ටල 30,000 ක් කල් ඉකුත් වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

තවත් මහජන මුදල් නාස්තියක්... භාවිතයට නොගැනීමෙන් පී.සී.ආර් කට්ටල 30,000 ක් කල් ඉකුත් වේ !

මුල්ලෙරියාවේ පිහිටි, ජෛව රසායාන-අණුක ජෛවවේද රසායනාගාරයේ තිබූ, පී.සී.ආර්. කට්ටල තිස් දහසක් පමණ, භාවිතයට නොගැනීම නිසා කල් ඉකුත් වී ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ චෝදනා කරයි. මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් එම වෘත්තීය සමිතිය ඉල්ලා සිටියි.

මුල්ලේරියාවේ පිහිටි අදාල රාසයනාගාරයට එම පී.සී.ආර්. කට්ටලවල අවශ්‍යතාවයක් නොතිබුණා නම්, ඒවා වෙනත් පාර්ශ්වයකට ලබා දීමේ හැකියාව තිබුණු බවද, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිසි පරීක්ෂණයක් නොපැවැත්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවද ඔහු පවසයි. 


No comments:

Post a Comment

Post Bottom Ad