මනාලියට කොවිඞ්! මනාලයා, රෙජිස්ට‍්‍රාර්, සාක්ෂිකරුවෝ නිරෝධානයට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

මනාලියට කොවිඞ්! මනාලයා, රෙජිස්ට‍්‍රාර්, සාක්ෂිකරුවෝ නිරෝධානයට.

 

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඞ් 19 වෛරසය ආසාදිත  වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි තරුණියක් සහ බියගම සියඹලාපේ උතුර ප‍්‍රදේශයේ පදිංචි තරුණයකුගේ විවාහය ලියාපදිංචි කළ සපුගස්කන්ද, ගෝනවල ප‍්‍රදේශයේ විවාහ රෙජිස්ට‍්‍රාර් සහ එම විවාහයට සාක්ෂි ස`දහා අත්සන් තැබූ දෙදෙනාද මනාලයා සමග පසුගිය 10 වෙනිදා සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසීය. 

ඉකුත් 02 දා සපුගස්කන්ද, ගෝනවල ප‍්‍රදේශයේ රෙජිස්ට‍්‍රාර්වරයෙකු ඉදිරිපිට මෙම යුවළගේ විවාහ ගිවිස ගැනීම සිදු වී ඇති අතර පසුගිය 09 වැනිදා මෙම තරුණිය කොවිඞ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමග විවාහ රෙජිස්ට‍්‍රාර්වරයා සමග මනාලයා හා සාක්ෂි සදහා අත්සන් කළ පුද්ගලයින් දෙදෙනා සමග තවත් අයෙකු ඉකුත් 10 වැනිදා දෙල්ගොඩ, මහජන ක‍්‍රීඩාංගණයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර එහි ප‍්‍රතිඵල ලැබෙන තුරු ස්වයං නිරෝධායනට යොමු කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

උපුටාගැනිම - Divaina.


No comments:

Post a Comment

Post Bottom Ad