අරාබි අකුරු හැඩයෙන් ශී‍්‍ර ලංකා සිතියම මුද්‍රණය කළ මිහින්තලේ පොත් ගැන සැහැල්ලූවට ගන්න එපා… නිසි විමර්ශනයක් කරන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

අරාබි අකුරු හැඩයෙන් ශී‍්‍ර ලංකා සිතියම මුද්‍රණය කළ මිහින්තලේ පොත් ගැන සැහැල්ලූවට ගන්න එපා… නිසි විමර්ශනයක් කරන්න

ශ්‍රී ලංකා සිතියම අරාබි අකුරු හැඩයෙන් මුද්‍රණය කළ ආරාබි පාසලක පොත් විශාල ප‍්‍රමාණයක් මිහින්තලය පොලිසියට හමුවීම සම්බන්ධයෙන් හෑල්ලූවට නොගෙන නිසි විමර්ශනයක් සිදුකරනා ලෙසත්, පාස්කු දිනයේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් ඒවාට ක‍්‍රියාත්මක නොවීම නිසා රටේ විශාල පිරිසක් තවමත් දුක්විඳිනා බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

මිහින්තලය පොලිසිය පසුගිය 10 වැනිදා මිහින්තලය කුරුන්දන්කුලම ප‍්‍රදේශයෙන් අරාබි බසින් මුද්‍රණය කළ පොත් 150 ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මීට වඩා පුළුල් වූ විමර්ශනයක් සිදුකළ යුතු බව කියමින් නාහිමියෝ 12 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.

එහිදී නාහිමියෝ මෙසේද පැවසූහ.

පසුගිය 2019 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා වෙච්ච ඛේදවාචකය අපි කාටත් මතකයි. ජීවිත තුන්සියයක් විනාශ වුණා. තවත් විශාල පිරිසක් තවමත් ආබාධිතයෝ වෙලා විඳවනවා. පාස්කු දින සහරාන් කියන අන්තවාදියා ඇතුළු අනුගාමිකයන් ලේ පිපාසිතයෙන් ප‍්‍රහාරයක් එල්ල කරනවා කියලා පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලූම දෙනා දැනගෙන සිටියා.

දැන් හිටපු ජනාධිපති, අගමැත,ි ඇමැතිවරු, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු සියලූම දෙනා එයාට මෙයාට ‘බෝලය පාස් කරනවා’. ඔය විදියට සහරාන් පොඩි පොඩි දේශන තියමින් තමයි මහා විනාශයට මුල පිරුවේ.

එයාල ‘බෝල පාස් කරයි.’ මේකේ වේදනාව කාටද? මියගිය මිනිස්සුන්ගේ පවුල්වල ජීවත්ව ඉන්න උදවියට. සහරාන්ට අවශ්‍යව තිබුණේ සිංහල කතා කරන මිනිස්සුන් සමූල ඝාතනය කරන්න. සිංහල බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් යන මිනිස්සු පිළිබඳව ඔහුට කිසිම හැඟීමක් තිබුණේ නෑ. ආගම්වල මිනිස්සු මරන්න බෝම්බ පුපුරවන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ. මම මේ නැවත ආගම් අතර තරහවක් වෛරයක් ඇති කරන්න නෙමෙයි මේ හමුව කැඳවූවේ. මේ පොත් සම්බන්ධයෙන් මුද්‍රණ ආයතනයේ හිමිකරුම තමයි පොලිසියට දන්වලා තියෙන්නේ. ශ‍්‍රී ලංකා සිතියම තුළ කාටවත් ඕනෑ විදියට අරාබි අක්ෂරවලින් තමන්ට ඕනෑ ඕනෑ දේවල් ලියන්න බෑ.

ඒවා අරාබියේ පුළුවන්. අපිට තියෙන්නේ මේ ශ‍්‍රී ලංකාව විතරයි. අපිට මේ රට අහිමි වුණොත් එදාට මුහුදට පනින්න පුළුවන්. මම අරාබි බස දන්නේ නෑ. ඔබතුමාලත් දන්නේ නෑ. පොලිසියත් දන්නේ නෑ. ඒ නිසා මේ පොතේ තියන අකුරක් අකුරක් ගාණේ කියවලා රටට අහිතක් වෙලා තියනවා නම් ඊට නිසි පරීක්ෂණ පවත්වන්න ඕනෑ.

ඕනම අන්තවාදියකුට මේ දිනවල පවතින කොරෝනා වසංගතයට මුවාවෙලා අන්තවාදයේ දෙවන රැල්ල ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ සුළු සිදුවීම් කියලා හෑල්ලූවට නොගෙන විධිමත් පරීක්ෂණ පවත්වලා රටට අගතිදායී තත්ත්වයක් ඇතිවෙලා තියනවා නම් ඊට අවශ්‍ය පියවර ගන්න කියලා මම ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා යැයි නාහිමියෝ පැවසූහ.

Divaina 


No comments:

Post a Comment

Post Bottom Ad