ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

ලබන වසරේ සිට දුම් සහතිකයට අමතරව මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක් – වාහනය ධාවනයට නුසුදුසුනම් පාරට දාන්න බෑ

2021 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දුම් සහතිකයට අමතරව “මාර්ග සුදුසුකම් පිළිබඳ සහතිකයක්” නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලම් අමුනුගම මහතා පවසයි. එම සහතිකය මඟින් අදාළ වාහනය ඉදිරි වසරක කාලය තුල මහා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්වයේ පවතිනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා සහතික කිරීම සිදු කිරීමට නියමිතය.

වාහන වලින් සිදුවන හානිකර දුම් හේතුවෙන් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට දුම් පරීක්ෂණ සහතිකය උපකාරී වුවද වාහනයක් ධාවනය සඳහා හොඳ තත්ත්වයේ තිබේද යන්න පිළිබඳව එමඟින් තීරණය කල නොහැකි බව වාහන නියාමනය, බස් ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලම් අමුනුගම මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම මාර්ග යෝග්‍යතා සහතික නිකුත් කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසු අතර වාහන යෝග්‍යතා සහතිකය නිකුත් කිරීමේදී දුම් පරීක්ෂණය සඳහා නියම කර ඇති මිල වැඩි කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් දැනට පවතින දුම් සහතිකයේ මිලටම මෙම සහතික දෙකම ලබාගත හැකිය. මේ තුළින් ලාභ උපයා ගැනීමට රජය සැලසුම් කරන්නේ නැහැ. ”රාජ්‍ය අමාත්‍ය අමුනුගම මහතා තවදුරටත් අවධාරණය කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad