භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි - අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි - අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක්

විසිවන සංශෝධනය සම්මත කිරීමට පෙරාතුව එහි යම් යම් සංශෝධන සිදු විය යුතු බවට භික්ෂූන් වහන්සේලා විසින් පෙන්වා දුන් බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

නමුත් ඒවා නව ව්‍යවස්ථාවක ඇතුළත් කරන බවට රජය පවසා ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

විශේෂයෙන් ද්විත්ව පුරවැසි බාධකය නව ව්‍යවස්ථාවක ඇතුළත් කරන බව රජය පවසා ඇතැයි ද දැනගන්නට ලැබුණු බව උන්වහන්සේ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාගේ ද මගපෙන්වීම සහිත මෙම රජය භික්ෂූන් වහන්සේලාගේ අපේක්ෂා ඉටු නොකළහොත් චෝදනා එල්ලවිය හැකි යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

එනිසා රජයට මෙමඟින් යම් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එනිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad