කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!

මෙරට පරිසරය මෙන්ම සොබාදහමේ සමතුලිතතාවය  විනාශ කෙරෙන මෙරට පාම් ඔයිල් හෙවත් කටුපොල් වගාව තහනම් කරන  බවට වර්තමාන රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදීත් රජයේම ඇතැම් පාර්ශව කටුපොල් වගා කරන සමාගම් සමග ඇති සමීප සම්බන්ධතා  නිසා කිසිදු අවහිරයකින් තොරව කටුපොල් වගාව දිගටම කර ගෙන යාමට අදාළ සමාගම් සමත්වී තිබේ.

මෙරට කටුපොල් වගාවේ යෙදී සිටින්නේ ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් වන අතර ඒ හරහා ලැබෙන අතිවිශාල ලාභය  හේතුවෙන් කවර හෝ මුදලක් වියදම්කර අදාළ ව්‍යාපාරය කර ගෙන යාමට අදාල සමාගම් කටයුතු කරති.

ජනාධිපතිවරයා පසුගිය රාජාසන කතාවේදී පාම් ඔයිල් හෙවත් කටු පොල් වගාව තහනම් කරන බව ප්‍රකාශ කල අතර ඉන්පසුව එම තහනම ඉවත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන සමාගම් රැසක් විවිධාකාරයෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් කලද ඒ කිසිවකට ජනාධිපතිවරයා යටත් නොවීය.

එහෙත් ඉන්පසුව අදාළ සමාගම් රජයේ වෙනත් පර්ශව සහ  ඉහල නිලධාරීන් සම්බන්ධ කරගෙන විශාල වශයෙන් මුදල්  වියදම් කිරීම නිසා මේ වන විට ඊට තිබු අවහිරතා ඉවත්වී තිබේ.එසේම කටුපොල් සම්බන්ධයෙන් ඇති විරෝධතා වාර්තා නොකිරීමට සහ  එම වගාව සම්බන්ධයෙන්  ප්‍රචාරණ ලිපි පලකිරීම සඳහා මාධ්‍ය ආයතනවල ප්‍රබලයන් කීපදෙනෙකු සම්බන්ධ කරගෙන අදාල වැවිලි සමගම් විසින් තවත් වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

කටුපොල් වගාව නිසා ඒවා වගාකරන මෙරට බොහෝ ප්‍රදේශවල පස නිසරු බවට පත්වී ජල උල්පත් සිඳී ගොස් තිබේ.එසේම රබර් හා පොල් ඉඩම්වල මේවා වගාකිරීම නිසා එම වතු වල සේවය කල  දහස් ගනනකට  රැකියා අහිමිවී තිබේ.

පාම් ඔයිල් පිළිකා කාරක බවට චෝදනා එල්ලවී ඇති අතර මෙරට විශාල පරිභෝජනයක් ඇති බිස්කට් හා බේකරි නිෂ්පාදන වලට ඒවා යොදා ගැනීම මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහල යාමට බලපා ඇතැයිද පැවසේ. 

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad