බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සම්භවය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මත්ස්‍යයන් මිලදී ගැනීමට පැමිණි බ්‍රැන්ඩික් සමාගමේ සේවකයෙකු හෝ කිහිපදෙනෙකු වන්නට බොහෝවිට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශවල නවතම මතය වී තිබේ.
මෙහිදී ඊළඟට මතුවන පැණය වන්නේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට කෝවිඩ් 19 වෛරසය පැමිණියේ කෙසේද යන්නයි.
අප කවුරුත් දන්නා පරිදි පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මත්ස්‍ය තොග සපයනු ලබයි.
අසල්වැසි ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් 19 වෛරසය පලනය කල නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා කෝවිඩ් හේතුවෙන් එරට දහස් ගනන් ජනතාව මියයන බවට වාර්ථාවේ
කෙසේ වෙතත් මෙ රට ධීවරයන් සහ ඉන්දීය ධීවරයන් ගේ සුසංයෝගයෙන් මෙ රටට කේරල ගංජා ගොඩබෑම ජයටම සිදුවන බව ප්‍රසිද්ධ රහසක්ව පවති. අරක්ශක අංශ වෙනදාටත් වඩා මේ ගැන විමසිලිමත් වුවත් නිරන්තරයෙන් රට තුලදී අරක්ශක අංශ විසින් සොයාගන්නා කේරල ගංජා තොග දෙස බැලීමේදී තවමත් දෙ රට ධීවරයන් හරහා මෙම ජාවාරම ජයටම සිදුවන බව මොනවට පැහැදිලිවේ
කෝවිඩ්19 පළමු රැල්ල ශ්‍රීලංකාව තුල දී අතිවිශිෂ්ඨ ලෙස පාලනය කර ගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ත්‍රිවිධහමුදාවේ සහ මෙරට සෞඛ්‍ය අංශවල අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම හේතුවුවත් එහි අග්‍රඵළය ජනතාවට භුක්තිවිඳීමට නොහැකිවී ඇත්තේ බොහෝවිට මෙම කේරළ ගංජා ජාවරම හේතුවෙන් විය හැකිය
පළමු වටයේදී ද ලොකුම පොකුර බිහිවූයේ මත්කකුඩු ලෝලීන් හේතුවෙනි
මෙ වරද දෙවන ව්‍යවසනයට බොහෝවිට හේතුව විය හැක්කේ මෙම කේරල ගංජා ජාවාරමයි කණගාටුවට කරුණ වන්නේ මේ තත්වයෙන් පීඩා විඳිනු ලබන්නේ ආයෝජන කලාප වල සේවය කරන මෙ රටට විදේශ විනිමය ගෙන එන මෙ රට ශ්‍රම බලකායයි නැතහොත් කෝවිඩ් 19 වෛරසයෙන් ජනතාව බේරාගැනීමට දිවාරෑ වෙහෙසෙන වෛද්‍ය කාර්‍යය මණ්ඩල වල සාමාජිකයනුයි.
මේ තත්වය යටතේ එක් අතකින් ජනතාව පීඩාවට පත්වෙන අතර අනෙක් පසින් රටේ ආර්ථික මර්මස්ථාන අකර්මණ්‍ය වීමෙන් රට ආර්ථින අඝාධයකව වැටීම නොවැලැක්විය හැකිය.
මත්කුඩු හෝ කේරල ගංජා රටට නැතුවම බැරි දේවල් නොවේ එ මෙන්මෙ මෙම ජාවාරම් කරන පුද්ගලයන්ද රටට අවශ්‍ය නොවන පුද්ගලයන් ලෙස හඳුනා ගැනීමට තවත් ප්‍රමාද විය යුතු නොවන බව මගේ හැඟීමයි
අවසාන වශයෙන් ත්‍රිවිධහමුදා වේ උපරිම ශක්තිය යොදා ඉන්දීය ධීවරයන් සහ මෙ රට ධීවරයන් අතර සිදුවන මෙම නීති විරෝධී ගණු දෙනු නැවැත්වීමට කටයුතු නොකරන්නේනම් සහ රජය මෙම තත්වය මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර හැකි ඉක්මනින් නොගන්නේනම් මෙරට සෞඛ්‍ය අංශවල සහ ත්‍රිවිධහමුදාවේ සියලු උත්සාහයන් ගඟට ඉනිකැපූ සේ ව්‍යවර්ථ වී කොවිඩ් 19 ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාව ඉන්දියාව ද අභිබවා යන දිනය වැඩි ඈතක නොවනු ඇතිිිබව මගේ හැඟීමයි.
බන්ධුල සුබසිංහ
No comments:
Post a Comment