හැටන් කොටගල රොසිටා සහ ග්‍රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු (26) දින හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු එම රෝගින් දෙදෙනා පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල දෙදෙනෙකු බවත් , එම සේවකයින් දෙදෙනා නිවසට පැමිණ සිටියදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔහුන්ව ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරිමෙන් පසු එම පි.සි.ආර් වාර්තාව අනුව එම සේවකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.
කොටගල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හමු විමත් සමග කොටගල නගරයේ වෙලදසැල් (26) දින වසා දැමිමට කොටගල නගරයේ වෙලද සංගමය තිරණය කර ඇති අතර කොටගල ප්‍රාදේශිය සභාව විසින් නගර විෂබිජහරණය සිදු කරන ලදි.
මේ අතර තලවකැලේ පොලිස් වසමට අයත් රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචි පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල සේවකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ලිදුලි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
No comments:
Post a Comment