මංගලාරාම හිමියන් ඇතුළු තිදෙනාට ඇප හිමිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

මංගලාරාම හිමියන් ඇතුළු තිදෙනාට ඇප හිමිවෙයි

ඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ  රාජකාරියට බාධා කාලයෙන් චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමිපාණන් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට විනිසුරු ජිවරානි කරුප්පයියා නියෝග කර තිබෙනවා. 

ඉකුත් සැප්තැම්බර මස 21 වෙනිදා මඩකලපුව මංගලාරාමය විහාරාධිපති අම්පිටිය සුමරතන හිමිපාණන් ඇතුළු තිදෙනෙකු පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලකුණු කර පර්යේෂණ සිදුකරන ප්‍රදේශය තුලට බලහත්කාරයෙන් ඇතුල්වී මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරින්ව එම ස්ථානයට කැඳවා නිලධාරි තිදෙනකුට බරපතල ලෙස පහර දී  ටකර මඩුවක් තුළ රඳවා තබා තිබුණා.

සිද්ධිය සැලවීමත් සමගම කරදියනාරු පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් සුමනරතන හිමිපාණන් සමග සාකච්ඡා කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරින් මුදා ගැනීමට පියවර ගනු ලැබුවා.

මෙම සිද්ධියට මුහුණ පෑ මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින්ගේ පැමිණිල්ලක් අනුව කරදියනාරු පොලිසිය විසින් එරාවුර් සංචාරක  අධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහය 183, 344, 323 අංක දරන කොටස යටතේ  නඩු පවරනු ලැබුවා.
 
ඒ අනුව එරාවුර් සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සුමනරත්න හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණා.

රජයේ පාර්ශව නීතිඥවරුන්ට හා පොලිසිය විසින් දැඩි විරෝධය මැද එල්ල කළ චෝදනාව ඔප්පු කිරීමට නොහහැකි විමෙන් සැකකරුවන් තිදෙදෙනාව රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට අවසර දුන් අධිකරණය ඉදිරි නඩු විභාගය නොවැම්බර මස 27 දක්වා තබනු ලැබුවා.

සැකකරුවන් වන මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමරතන හිමිපාණන් හා ආධාරකරුවන් දෙදෙනා වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ එස්.එම්. මොහොමඩ් අමීන්  සහ නීතිඥ දාවුඩ් උවෛයිස් පෙනී සිටියා. 


No comments:

Post a Comment

Post Bottom Ad