සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි

ක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇත.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ඉල්ලීම ඔහුගෙන් කරන ලද අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය ඉදිරියට ගෙන යාමට තරුණ පිරිසක් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වගකීම ඉටු කරනු ඇති බවත් ය.

ඒ නිසා දීර්ඝ කාලයක් දේශපාලන සිටි තමන් ඔවුනට අවස්ථාව දී තම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සූදානම් බවද සඳහන් කර ඇත.

ගතවූ දශක කිහිපය පසුබිම් කරගෙන පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එනිසා ඉදිරියේදී කිසිදු වගකීමක් භාර ගැනීමට අදහසක් නැතැයිද ඔහු තවදුරටත් සඳහන් කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad