මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොල්ලුපිටියට පමණයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොල්ලුපිටියට පමණයි



කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රිය අද (26) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ.


කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.


කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කළේය.


මීට අමතරව අලුත්ගම - ගාල්ල, ගාල්ල - බෙලිඅත්ත, පොල්ගහවෙල - මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලුම කෙටිදුර දුම්රියන් නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad