අගරදගුරුට ‘අංකල් කියූ කාන්තාව’ CID අත්අඩංගුවට ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

අගරදගුරුට ‘අංකල් කියූ කාන්තාව’ CID අත්අඩංගුවට ගනී !

ගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ට අපහාසවන ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද 43 හැවරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බත්තරමුල්ල ප‍්‍රදේශයේදීයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බෞද්ධ සහ කතෝලික ආගම් භක්තිකයන් අතර ද්වේශය ඇතිවන අයුරින් වීඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇගේ විඩියෝවේදී කාදිනල් හිමියන්ට අගෞරව කරන බවද අමතා තිබුනේ අංකල් නමින් බවද පැවසුණා.

43 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව හෙට දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 



No comments:

Post a Comment

Post Bottom Ad