එකිනෙක සම්බන්ධ නැති Covid19 ආසාදිතයන් හමුවෙනවා,සමාජගත වී නැතැයි කියන්න බෑ.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

එකිනෙක සම්බන්ධ නැති Covid19 ආසාදිතයන් හමුවෙනවා,සමාජගත වී නැතැයි කියන්න බෑ.[Video]

 අද වන විට එකකට එකක් සම්බන්ධ නැති ලෙස කොරෝනා ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්වයක් තුල කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි තීරණය කල නොහැකි බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය විනිවිදභාවයකින් නිකුත් කරන බවක් පෙනෙන්නට නැති බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ නැති ආසාදිතයන් සැළකියුතු පිරිසක් මේ වන විටත් වාර්තා වී තිබේනම් දැනට ක්‍රියාත්මක වන පියවරයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad