කොරෝනා ප‍්‍රබල වෙයි.. සමාජ දුරස්ථභාවය මීටර 02ක් කරන්නැයි දන්වයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 8, 2020

කොරෝනා ප‍්‍රබල වෙයි.. සමාජ දුරස්ථභාවය මීටර 02ක් කරන්නැයි දන්වයි..

කොරෝනා වෛරසයේ වර්තමාන ක්‍රියාකාරිත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටරයට වඩා වැඩි ප්‍රමාණයකින් පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
වෛරසයේ ක‍්‍රියාකාරීත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටර් එකහමාරක් හෝ දෙකක් පවත්වාගෙන යා යුතු බවද ඔහු සඳහන් කළේය.

අද වන විට පැතිරී යමින් ඇති වෛරස් ප්‍රභේද ප්‍රභේදෙය් ප්‍රබලතාව අනුව එවන් දුරක් අවම වශයෙන් පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇතැයි ද ඔහු පැවසීය.

වෛරසයේ පැතිරීම තීරණය වන්නේ මානව ප්‍රජාව ගේ හැසිරීම මත බවත් පැවසූ ඔහු පැතිරීම වැළැක්වීමේ ප්‍රධානම කාර්ය ඇත්තේ මහජනතාව මත බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad