හුදෙකලා කළ ප්‍රදේශවල අදත් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් : අත්අඩංගුවට ගත් පිරිස 22ක් දක්වා ඉහළට - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 12, 2020

හුදෙකලා කළ ප්‍රදේශවල අදත් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් : අත්අඩංගුවට ගත් පිරිස 22ක් දක්වා ඉහළට - (video)

පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් බලකාය, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිටියා.

ඊයේ දිනයේදී ද සිදුකළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ් කළේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සෑමවිටම නිවෙස් තුල රැඳී සිටිය යුතු බවයි. යම් හදිසි අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් ඔහුව රෝහල කරා රැගෙන යාමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවන බවද මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad