කොරෝනා මුස්ලිම් මෘතදේහ ගැන තීන්දුව ගන්න සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා - කැබිනට් ප‍්‍රකාශක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 12, 2020

කොරෝනා මුස්ලිම් මෘතදේහ ගැන තීන්දුව ගන්න සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා - කැබිනට් ප‍්‍රකාශක

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් කැබිනට් මණ්ඩලයේදී නොගත් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩල ප්‍රකාශකයා ලෙස වගකීමෙන් මේ බව සඳහන් කරන බවද ඔහු කියා සිටියේය.

පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙන්ම ඊට පෙර ඒවා දීද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් කිසිදු තීරණයක් නොගත් බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් සම්බන්ධයෙන් තීරණයක් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට බාර දුන් බව ද ඔවුන්ගේ තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරන බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනී බලය වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad