කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා - පවිත‍්‍රා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 13, 2020

කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා - පවිත‍්‍රා

කොරෝනා ආසාදිතය මෘතදේහ භූමදානය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එස කමිටු වාර්තා කිහිපයක් තමන් වෙත ලැබීමට නියමිත බවත් ඇය පවසයි.

එම වාර්තා ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් නොගත් බවද ඇය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් තමනට කල දැනුම් දීම අනුව යයිද ඇය තවදුරටත් කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad