රැපිඞ් ටෙස්ට් ගෙන්විමේදි ටෙන්ඩර් මගඩියක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 8, 2020

රැපිඞ් ටෙස්ට් ගෙන්විමේදි ටෙන්ඩර් මගඩියක්.

 ‘ක්‍ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්‍ෂණ කට්ටල (රැපිඞ් ටෙස්ට්) ලක්‍ෂ දෙකක් ලංකාවට ආනයනය කිරීමේදී  අනුගමනය කළ ටෙන්ඩර් පටිපාටිය කුමක්ද කියා රජය හෙළි කළ යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේද කීය.

දැන් රැුපිඞ් ටෙස්ට් දෙලක්‍ෂයක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. මේක ආනයනය කරද්දී මොහු ටෙන්ඩර් පටිපාටියකින්ද කළේ. ඒවායේ සාම්පල් ලංකාවට ගෙනල්ලා පරීක්‍ෂණ කළාද ගෙන්වන්න කලින් ඒවා ලංකාවට සුදුසු ඒවාද කියලා බැලූවාද මේ කිසි දෙයක් කරලා නැහැ.

දැන් අපිට හිතන්න සිද්ධ වෙනවා 20 වැනි සංශෝධනය ගෙන එද්දී ජනාධිපති කාර්යාලයත්, අගමැති කාර්යාලයත් විගණනයෙන් අයින්

කරගන්න ඔවුන් තීන්දු කරලා තිබුණේ කොවිඞ් අරමුදලේ මුදල් තමන්ට ඕන විදියට වියදම් කරන්න සහ ඔවුන්ට ලැබෙන ආධාර තමන්ට ඕන විදිහට වියදම් කරන්න කියලා. කොවිඞ් අරමුදලට කෝටි 138 ක් ලැබිලා තියෙනවා. වියදම් කරලා තියෙන්නේ කෝටි 30 යි. මේ ආයතන  විගණනයෙන් අයින් කරන්න හැදුවේ ඒකයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad