බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන විමර්ශන පැවැත්වීම ගැටලුකාරීයි - අජිත් රෝහණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන විමර්ශන පැවැත්වීම ගැටලුකාරීයි - අජිත් රෝහණ

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ වෙතත් එම විමර්ශන කටයුතු තවමත් ආරම්භ කර නොමැත. නීතිපතිවරයා පසුගියදා දැනුම් දී තිබුණේ විමර්ශන ආරම්භ නොකරන්නේ නම් ඒ සඳහා පත්කළ විමර්ශන කණ්ඩායම සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසයි.

මෙම ගැටලුව පිළිබඳව පෞද්ගලික ‍රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු පවසන්නේ මෙම විමර්ශන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බවයි. ඊට හේතුව විමර්ශන කටයුතු භාරව සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීමයි.

අදාල කර්මාන්ත ශාලාවේ සේවකයන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නමුත්, පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ එම කටයුතු ආරම්භ කිරී‍මේ අපහසුතාවයක් මතුව ඇති බව අජිත් රෝහණ මහතා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad