කොරෝනා මැද ක‍්‍රිකට් වසන්තය එයි.. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සූරියවැවදී ඇරඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

කොරෝනා මැද ක‍්‍රිකට් වසන්තය එයි.. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සූරියවැවදී ඇරඹේ !

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය එළඹෙන නොවැම්බර් 27 හෝ 28 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ එම තරඟාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන බළකායේ අනුමැතිය ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේදී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එහි දී අදාළ තරඟාවලිය සඳහා අනුමැතිය ලැබී ඇත.

මෙම තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ද තීරණය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව පැවැත්වෙන තරඟාවලියේදී ක්‍රීඩකයන් සඳහා ජෛව බුබුලක් නිර්මාණය කරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad