විද්‍යාපීඨ ගුරු පත්වීම් දෙන්න තොරතුරු ගැනිම ඔන්ලයින් ක්‍රමයට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 12, 2020

විද්‍යාපීඨ ගුරු පත්වීම් දෙන්න තොරතුරු ගැනිම ඔන්ලයින් ක්‍රමයට.

 

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පුහුණුව අවසන් කර සිටින හාරදහසක් පමණ වන නවක ගුරුවරුන්ට පත්වීම් ලබාදීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට ඔවුන්ගෙන් තොරතුරු කැඳවීමට අධ්‍යාපන ආමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම මාර්ගගත ක්‍රමය මේ දිනවල සකස් කරමින් පවතින බවත් එම ක්‍රමය යටතේ කඩිනමින් තොරතුරු කැඳවීමට සැලසුම් කර ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.

සාමාන්‍යයෙන් පත්වීම් ලබා දීමට පෙර සියලුම නවක ගුරුවරුන් එක් ස්ථානයකට කැඳවා ඔවුන්ට අදාළ පාසල් ලබා දෙන නමුත් කොවිඩ් වයිරස ව්‍යාප්තිය මත එවන් ක්‍රියාමාර්ගයකට යා නොහැකි බවද ඇය කීවාය.

පුහුණුව අවසන් කර මාස කිහිපයක් ගත වී ඇතත් පත්වීම් ලබා දීම දිනෙන් දින ප්‍රමාද කිරීම තමන්ගේ අනාගත සේවා කාලයට දැඩි ලෙස බලපාන බව නවක ගුරුවරු පවසති. එහෙයින් ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ හැකි ඉක්මනින්ම තමන්ගේ පත්වීම් ලබා දෙන ලෙසයි.

-නිලන්ත මදුරාවල,උපුටාගැනිම - අරුන පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad