ට්‍රම්ප් යන්න බැහැ කියන්නෙ හරියට ලංකාවේ, කෙන්යාවේ, සිම්බාබ්වේ, නායකයො වගේ - මේරි රොබින්සන් - විගස පුවත් - Vigasapuwath

Friday, November 13, 2020

ට්‍රම්ප් යන්න බැහැ කියන්නෙ හරියට ලංකාවේ, කෙන්යාවේ, සිම්බාබ්වේ, නායකයො වගේ - මේරි රොබින්සන්

යර්ලන්තයේ හිටපු ජනපතිනි (1990-97) ප්‍රකට නීතිවේදිනී මේරි රොබින්සන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිකර තිබෙයි.

ඇමරිකාවේ ජනපති තරගයෙන් පරාජයට පත්වී ඇති බව දැනදැන තවමත් ජයග්‍රහණයක් වෙනුවෙන් සිහින මවමින්අ නවශ්‍ය සටනක නියැළෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි හැසිරීමක නිරතවන බවත් ඔහුගේ මෙම හැසිරීම සමාන වන්නේ ලංකාවේ කෙන්යාවේ හෝ සිම්බාබ්වේ වැනි රටවල නායකයන්ගේ හැසිරීමකට බවත් ඇගේ ප්‍රකාශයයි.

අයර්ලන්තයේ සුවිශේෂ පිළිගැනීමක් ඇති විද්වතෙකු වශයෙන්ද සැලකෙන හාවර්ඩ් නීති සරසවියේ උපාධිධාරිනියක වන ඇය නිරතුරුව සමාජ විවරණ සිදු කරන්නියකි.

'අයිරිෂ් පොස්ට්' පුවත්පත ඇය කළ මෙම ප්‍රකාශය වාර්තා කර තිබුනේ මෙසේය.

"අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනි මේරි රොබින්සන් එක්සත් ජනපද මැතිවරණයෙන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය විවේචනය කර තිබේ. ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම 'කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල අස්ථාවර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන්' සමඟ ඇය සැසඳුවාය. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව රොබින්සන් මහත්මිය පැවසුවාය."

වාර්තාව ඇතුළත් අයිරිෂ් පොස්ට් පුවත මෙතැනින්


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *