කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න…

කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපාලනඥයන් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර කරන බව පෙනී ගොස් ඇත.

එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈඳාගෙන සමහර වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදන වී මියයන සියලු දෙනා ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යංශය

No comments:

Post a Comment

Post Bottom Ad