අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට සතොස වාහන දුන්නැයි හිටපු නිග ඇමැති මහරුෆ් අත්අඩංගුවට - සතොස ඉංජිනේරුවත් අල්ලයි | Former Deputy Minister Abdulla Maharoof arrested - විගස පුවත් - Vigasapuwath

Tuesday, December 15, 2020

අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට සතොස වාහන දුන්නැයි හිටපු නිග ඇමැති මහරුෆ් අත්අඩංගුවට - සතොස ඉංජිනේරුවත් අල්ලයි | Former Deputy Minister Abdulla Maharoof arrested


සතොසට අයත් වාහන අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ කටයුතු සඳහා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පසුගිය රජයේ හිටපු වරාය නියෝජ්‍ය ඇමැති මොහොමඞ් අබ්දුල්ලා මොහොමඞ් මහරුෆ් සහ සතොස සිවිල් ඉංජිනේරුවකු වන මොහොමඞ් ෂාරුක් මොහොමඞ් අස්ලම් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15 )  අලූයම අත්අඩංගුවට ගෙන ඇත. 
සතොසට අයත් වාහන මේ ආකාරයට වෙනත් පාර්ශ්ව වෙත ලබාදීමෙන් රජයට අයත් රුපියල් දශලක්ෂයකට අධික මුදලක් අවභාවිත කළ බවට මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා, හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි මන්තී‍්‍රවරයෙකි.

සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා සතොසට අයත් මෙම වාහන නැගෙනහිර පළාත් අන්තවාදීන්ගේ පාවිච්චියට ලබාදී ඇත්තේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ උපදෙස් මත බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

පසුගිය රජය සමයේ සතොස වාහන අන්තවාදීන්ගේ පාවිච්චිය සඳහා ලබාදීමෙන් රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් අවභාවිත කළ බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු නියෝජ්‍ය ඇමැති මොහොමඞ් අබ්දුල්ලා මහරුෆ් අත්අඩංගුවට ගෙන ඇත්තේ ති‍්‍රකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය. සතොස සිවිල් ඉංජිනේරුවකු වන මොහොමඞ් ෂාරුක් අස්ලම් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

සැකකරුවන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර ඔවුන් අද (16 )  කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *