"බැසිල් පක්ෂය හැදුවේ නැත්තම් අපිට වෙන්නේ මෛත්‍රීට සැලියුට් ගහන්නයි , සජිත්ට මුට්ටි අල්ලන්නයි" - ධනසිරි අමරතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 14, 2021

"බැසිල් පක්ෂය හැදුවේ නැත්තම් අපිට වෙන්නේ මෛත්‍රීට සැලියුට් ගහන්නයි , සජිත්ට මුට්ටි අල්ලන්නයි" - ධනසිරි අමරතුංග

බැසිල් රාජපක්ෂ මහතා නොසිටින්නට අද පක්ෂයක් හෝ නැති වෙන බව අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලේකම් ධනසිරි අමරතුංග  මහතා පැවසුවේය. අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) දෙහිවලදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන කාන්තා බලමණ්ඩලය කැඳවූ අවස්ථාවේ එම සභාව  අමතමිනි. 

බැසිල් රාජපක්ෂ මහතා නැති වුණා නම් වෙන පක්ෂයට පිට කස කස සිටීමට සිදුවන අතර අපටම කියා ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ද නැති වන  බව ඔහු සඳහන් කළේය. 

''එතුමා නැත්නම් අපට වෙන පක්ෂයක පිට කහ කහ ඉන්න වෙනවා. බැසිල් රාජපක්ෂ කියන දැවැන්තයා නැති වුණා නම් අද අපේ පක්ෂයක් නැහැ. ඒ කියන්නේ අපේ ජනාධිපති කෙනෙකුත් නැහැ අගමැති කෙනෙකුත් නැහැ. සිරිසේනයටම සැලියුට් ගගහ අපිට ඉන්න වෙනවා. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසට මුට්ටිය අල්ලන්න වෙනවා. අද පුතාණෝත් ඉවරයි සිරිසේන මහත්තයත් ඉවරයි.''

ඒ අනුව මේ වන විට කොන්දක් තිබෙන ජනාධිපති කෙනෙක් බිහි වූයේ බැසිල් රාජපක්ෂ කියන දක්ෂයා නිසාවෙන් බව ධනසිරි අමරතුංග මහතා අවධාරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad