මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - විගස පුවත් - Vigasapuwath

Tuesday, January 5, 2021

මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොරෝනා මෘත දේ ආදාහනය දැන් පවතින නීතිය අනුව සිදුකළ යුතු බව කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා ගැන කිසිවක් නොදන්නා කාලයේ දී එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එම නීතිය මෙතෙක් වෙනස් වී නැති බවත් දැන්ද සිදු කරන්නේ ආදාහනය බවත් ඇය පවසයි.

නමුත් දැන් හෙලි වී ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා මෘත දේහ භූමදානය කල හැකි බවට මත ඉදිරිප්ත වී ඇති බවත් කොරෝනා වෛරසය ජලය හරහා බෝ නොවන බවත් ඇය පවසයි.

යම් හෙයකින් මලසිරුරු හරහා ජලයට විෂබීජ එකතු විය හැකි නම් එය අවම කළ හැකි බවද ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් වතුර බිව්වා කියා කොරෝනා වැලඳෙන්නේ නැතැයිද ඇය පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *