ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පෙවරවාරි මස අග බාගයේදී පැවැත්වීමට නියමිත අතර සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් මහතා සහ කුවේරා ද සොයිසා මහතා ඉදිරිපත්ව ඇත. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වෙත විවිධ මාධ්‍ය ඔස්සේ එල්ල එල්ලවී ඇති චෝදනා පිළිබඳව පහත සදහන් නිවේදනය නිකුත් කොට ඇත.

මා හට විරුද්ධව ඇතැම් පුද්ගලයින් විවිධාකාර චෝදනා සමාජ මාධ්‍ය ඔස්සෙ එල්ල කරමින් සිටියි. මේ අය විසින්ද මුදලට ගන්නා ලද හෝ ව්‍යාජ ෆේස්බුක් පිටු හරහාද වට්ස්ඇප් හරහාද විකෘති කරන ලද හා සංස්කරණය කරන ලද වීඩියෝ පටද සමාජ මාධ්‍ය හරහා බෙදා හරිමින් පවතියි. ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාත් මෙවැනි ව්‍යාපාරයක් දියත් කිරීමට මීලඟ සති කිහිපය තුල උත්සාහ කරන බවට මට දැනගන්න ලැබී තිබේ .

නීතිඥ සංගම නිලවරණය ඉලක්ක කරගෙන මගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ එකම අරමුණෙන් මේ චෝදනා මා වෙත එල්ල කරනු ලැබේ . මේ වැඩපිළිවෙළ පිටුපස සිටින්නේ මාව සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පුද්ගලයන් පිරිසකි.

ඕනෑම චෝදනාවකට අවශ්‍ය අවස්ථාවක නිසි සංසදයකදී පිළිතුරු දීමට මා සූදානම්ය. මම නීතිඥ වෘත්තියේ යෙදී සිටින කාලය මුළුල්ලෙම අපේ වෘත්තිය තුළ පවත්වාගත යුතු ඉහළම ප්‍රමිතියට අනුව කටයුතු කිරීමට උපරිම ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කර ඇත්තෙමි. මගේ ස්ථාවරය නිවැරදි බව ඔප්පු වනු ඇත. නීතිඥ වෘත්තිය තුළ මගේ හැසිරීම පිළිබඳ හොඳම විනිශ්චය ලබා දෙන්න පුළුවන් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට සහ නිතිඥ ප්‍රජාවටයි.

වෘත්තියේ ගෞරවය ගැන පමණක් නොව සාමාන්‍යයෙන් කෙනෙකු තුළ පැවතිය යුතු අවම සදාචාරය වත් නොසලකා තම අරමුණු ජය ගන්න මාන බලන පුද්ගලයන්ට නීතිඥ ප්‍රජාවේ සාමාජිකයන් විසින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙන බව මම විශ්වාස කරමි .

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
2021-01-29

saliya pieris 

No comments:

Post a Comment

Post Bottom Ad