ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා – ආනන්ද සාගර හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා – ආනන්ද සාගර හිමි

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ බදු ගෙවලා නැති බවත් ඔහු විසින් බදු වංචාවක් සිදුකර ඇති බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

2011 වසරේ නොවැම්බර් 30 වෙනකොට විශාල ප්‍රමාණයක් බදු ගෙවා නැති බැවින් මාසයකට ලක්ෂ 100 ගානේ ගෙවීමට ගිවිසුම් ගත වී අරක්කු සමාගම යලි ආරම්භ කිරීමට උත්සහ ගත් බවත් ජනතා විරෝධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බවත් පසුව තම අරක්කු සමාගමේ නම වෙනස් කර යලි ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

අරක්කු සමාගම යලි ආරම්භ කිරීම වෙනුවෙන් රාජපක්ෂ වරුන්ගේ අගය කරමින් සිටින්න බව ද ඒ ආනන්ද සාගර හිමි අවධාරණය කරන ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad