ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මිලදී ගැනීම යනුවෙන් අදහස් තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා කීය.

නෙත් ගුවන්විදුලිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.


වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙරට දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා කටයුතු කරන බව පැවසුවේ වැරදීමකින් නොවන බවද ඔහු පැවසුවේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කටයුත්ත ඉන්දීය උවමනාව අනුව එය ඉටු නොවීම හේතුවෙන් ඔවුන් මෙරට ඔවුන්ගේ පාලනය යටතේ ඇති ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට බලය ලබාගැනීමට ඔවුන්ගේ උපාය මාර්ගය වී යැයිද ඒ මහතා කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad