රනිල් - මෛත්‍රී රෑ කෑමකට මුණගැසෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 24, 2021

රනිල් - මෛත්‍රී රෑ කෑමකට මුණගැසෙයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹදී සිදු වී තිබේ.

ඒ පසුගිය 23 වැනිදා පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ දිනයේදීය.

හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුව ඇත්තේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු අරලියගහ මැඳුරේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වී සිටියහ.

හිටපු ජනපති මෛත‍්‍රී සහ හිටපු අගමැති රනිල් සමඟ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුද එකම මේසයක අසුන්ගෙන සිටි බව පැවසේ.

එදින නිකුත් වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් යාබද අසුන් දෙකේ සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අදහස් හුවමාරු කරගත් බව “දිවයින” පුවත්පත වාර්තා කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad