පාස්කු විමර්ශනවල ප්‍රශ්න : කාදිනල් හිමි දෙවියන්ගේ උසාවියට පාස්කු ප්‍රහාරය බාර දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

පාස්කු විමර්ශනවල ප්‍රශ්න : කාදිනල් හිමි දෙවියන්ගේ උසාවියට පාස්කු ප්‍රහාරය බාර දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාරදිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ සඳහන් කර සිටියේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (17) පැවති අළු බදාදා දින දිව්‍ය පුජාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, “මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහිමකට පත්වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ.මේකේ හුඟාක් ප්‍රශ්නාර්ථ තියෙනවා. මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා. මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන් පිටරටවල්වල කණ්ඩායම් වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන් 269දෙනෙකුගේ ජීවිතය මෙම දේවස්ථානයේ දීම නැති කරපු ඒ මහා ආත්මාර්ථකාමීත්වයට මේ රට නැති කිරීමට ඉඩනොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලා ඒකට අවශ්‍ය නීතිරීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව භාරදෙමු.“


No comments:

Post a Comment

Post Bottom Ad