ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා එන්නත එපා කියති.. කොරෝනා නසන බෙහෙත් ආයුර්වේදයේ ඇතැයි කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා එන්නත එපා කියති.. කොරෝනා නසන බෙහෙත් ආයුර්වේදයේ ඇතැයි කියති

කොරෝනා වයිරසය සඳහා එන්නත් අවශ්‍ය නැතැයි ආයුර්වේද වෛද්‍යවරුන් අතිබහුතරයක් තීරණය කර ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් රුවන් ඉන්දික මහතා සඳහන් කරන්නේ එම වෛද්‍යවරුන් කොරෝණා එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි.

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම වෛද්‍ය පිරිස සඳහන් කර ඇත්තේ එන්නට වඩා ආයුර්වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනඟාගත හැකි බවට විශ්වාසයක් ඇති බවයි.

එමෙන්ම ආයුර්වේද ඖෂධ මගින් කොරෝනා පමණක් නොව ඕනෑම වයිරසයක් එකක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබා ගත හැකි බවද සංගමය කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad