ආදිවාසීන්ගේ නිජ බිම් පුද්ගලික සමාගමකට - ආදිවාසි නායකයා වන්නිල ඇත්තෝ අධිකරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 8, 2021

ආදිවාසීන්ගේ නිජ බිම් පුද්ගලික සමාගමකට - ආදිවාසි නායකයා වන්නිල ඇත්තෝ අධිකරණයට

සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී.බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බව පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad