පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අදහස් පළ කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරන්නේ මේ පිලිබදව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රශ්ණයක් ඇති බවයි.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද බෝම්බ පිපුරුනු බව ඔහු සඳහන් කළේය.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ බලය අවසන් වූ කාලයකදීද මෙය බලපානු ඇතැයිද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට පැමිණීමේ අනතුරුව ඔහු මාධ්‍යයට මේ බව සඳහන් කළේය.

No comments:
Post a Comment