ඊලඟ ජනපති සටනට රනිල්ගේ සැලසුම් දිගහරී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

ඊලඟ ජනපති සටනට රනිල්ගේ සැලසුම් දිගහරී !

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ආසන සංවිධායකවරුන් අලුතින් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසුවේ දිවයින පුරා සියලුම ආසන ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බවයි.

දැනට ආසන සංවිධායකවරුන් ලෙස සක්‍රිය දායකත්වය දක්වන පිරිස තවදුරටත් තබා ගනිමින් නව ආසන සංවිධායකවරු පත් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව ඔහු පැවසීය.

දිවයින පුරා සෑම ගමක්ම ආවරණය වන පරිදි ප්‍රධාන පක්ෂ ක්‍රියාකාරින් තිදෙනකු බැගින් පත්කිරීමටද නායකත්වය උපදෙස් ලබා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad